Friday, February 1, 2013

Les Miserables (2012) | මනුතාපය…

Les Misérables (2012) | මනුතාපය… [සිංහල උපසිරැසි සමඟ]







ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ අළුත්ම අළුත් සුපිරිම සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන මම ආයෙත් ආවා.. මේකෙ නම දැකපු ගමන් ඔයාලට මේ කතාව ගැන මතක් වේවි. ප්‍රංශ සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණයක් වන මේ “මනුතාපය“ වික්ටර් හියුගෝ නම් ශ්‍රේෂ්ඨ නවකතා කරු විසින් රචිත සම්භාව්‍ය කෘතියක්. මුල් කතාව කිසිම වෙනසක් නැතිව උපරිම රසාස්වාදය ලැබෙන අයුරින් නිපදවපු මේ චිත්‍රපටිය IMDb රේටින් වල 8.0/10ක් තරම් ඉහල අගයක් ලබා ගැනීම පුදුමයක් නෙවෙයි. ඔස්කාර් සම්මාන 8ක් සහ
 තවත් සම්මාන 79ක් සඳහා නාම යෝජනා වී ඇති මේ චිත්‍රපටිය සම්මාන 31ක් සඳහා හිමිකම් කියන සුපිරි ගණයේ නිර්මාණයක් කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ වගේම මෙවන් සුපිරි ශ්‍රේෂ්ඨ නිර්මාණයකට ඔයාලට සිංහල උපසිරැසි ගෙන එන්න ලැබීම මගෙත් වාසනාවක්… මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර තෙවෙනි ස්ථානයේ තියෙන්නෙත් මේ චිත්‍රපටිය බව IMDb වෙබ් අඩවිය පවසනවා. 2012 වසරේ දෙසැම්බර් 28 වෙනිදා තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 28ක් හෙවත් රුපියල් මිලියන 3500ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මේ චිත්‍රපටිය යුනිවර්සල් සමාගමේ දැවැන්ත නිර්මාණයක් වන අතර මෙහි විශේෂත්වය වෙන්නේ චිත්‍රපටියේ සෑම දෙබසක්ම පැවසෙන්නේ ගීතමය අයුරකින් වීමයි.


මේ කතාව ගැන අපේ යාළුවන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. තම සහෝදරියගේ පුතාගෙ ජීවිතේ බේරගන්න ඕන කමට පාන් ගෙඩියක් හොරකම් කරපු නිසා ජෝන් වැල්ජෝන් කියන පුද්ගලයව හිරේට නියම වෙනවා. පාන් ගෙඩිය හොරකම් කරාට අවුරුදු 5ක් සහ පැන යන්න උත්සාහ කලාට අවුරුදු 15ක් වශයෙන් jir 20 කින් තමයි ඔහුව සිරගෙට නියම වන්නේ. එහිදි ඔහුට ජාවෙට් නමින් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. ඔහු තමයි වැල්ජෝන්ගෙ පරම හතුරා වෙන්නේ.. වසර 20ක සිර දඬුවම යහපත් කල්ක්‍රියාව නිසා වසර 19 කින් අවසන් වෙලා වැල්ජෝන්ට කොන්දේසි සහිත සමාවක් ලැබෙනවා. ඒ කොන්දේසිය වන්නේ හැම මාසෙකම පොලිසියේ පෙනී සිටින හැටියටයි. හිරෙන් නිදහස් වෙලා එන වැල්ජෝන්ට රැකියාවක් ලබා දෙන්න කවුරුත්ම කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම හැම මිනිහෙක්ම මේ වැල්ජෝන්ට හරියට හිරිහැර කරනවා. එදා රෑ සීතලේ ගැහි ගැහී පල්ලියක සොහොනක් ලඟට වෙලා ඉන්න වැල්ජෝන්ට ඒ පල්ලියේ පූජකතුමා කරුණාව දක්වලා ඇතුලට කැඳවගෙන ගිහින් හොඳට කන්න බොන්න දීලා නිදාගන්නත් හොඳ තැනක් ලබා දෙනවා. ඒත් වැල්ජෝන් ඉන්නේ මිනිසුන් ගැන වෛරයෙන් නිසා සහ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඒ පල්ලියේ තිබුන රිදී භාණ්ඩ සොරාගෙන රාත්‍රියේදිම එතනින් පැනලා යනවා. ඒ උනාට ඔහුට වැඩි දුර යන්න ලැබෙන්නෙ නැහැ. පොලිසියෙන් ඔහුව බඩුත් එක්කම අල්ලගන්නවා. එහෙම අල්ලගෙන බඩුත් එක්ක නැවත පල්ලියට අරගෙන එනවා. වැල්ජෝන් පොලිසියට කියන්නේ ඒ රිදී භාණ්ඩ තමන්ට පල්ලියේ පූජකතුමා දුන් බවයි. පොලිසියෙන් ඇවිත් මේ ගැන පූජකතුමාගෙන් ඇහුවම ඔහු කියන්නේ…????

ඉතින් මේ කතාව කියවපු හෝ බලපු අය දන්නවා ඇති ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා.. මේ කතාව ගැන නොදන්න කෙනෙක්නම් ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා බලලම තමයි දැනගන්න වෙන්නේ..කොහොම උනත් සාමාන්‍ය කතාව වෙනස් ආකාරයකින්.. එනම් ගීතමය ආකාරයකින් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි කියලා හිතනවා.. ජයවේවා!


මේකත් බලලම බාගන්න...


මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.




No comments:

Post a Comment