Friday, January 25, 2013

Resident Evil Retribution (2012) | වෛරසයෙන් ගැලවෙන්නට හැකි වේද..?

Resident Evil Retribution (2012) | වෛරසයෙන් ගැලවෙන්නට හැකි වේද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උණු උණුවෙම ආපු ගමන්ම තව බයිස්කෝප් එකක් අරගෙන මම ආයිත් ආව . මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව කියල දැනගන්න හම්බුවුනේ අද උදේ . ඉතින් වැඩ අස්සෙ වුනත් ඔයාලට මේකන ඉක්මනටම දෙන්න ඕන නිසා ෆිල්ම් එක ඉක්මනටම සිංහලට සබ් හැදුව.


Milla Jovovich රඟපාන අලුත්ම බයිස්කෝප් එකක්.අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Paul W.S. Anderson ඇක්ෂන් චිත්‍රපටි ප්‍රිය කරන අපේ සිනමා රසිකයෝ මේ ෆිල්ම් එක එනකං මඟ බලාගෙන ඉන්ඩ ඇත්තෙ. මොකද මේක ඒ තරමටම ජනප්‍රිය කතාමාලාවක් මේකෙ කතාව ටිකක් කියන්නම්

අම්බ්‍රෙල්ලා සමාගම කියන්නෙ යුධ අවි නිපදවීමේ පෙරමුණේ ඉන්න සමාගමක් . මේ ගොල්ලන්ගෙ රහස් පරීක්ෂනයක් ක්‍රියාත්මක වෙනව “මී වදය” කියන කේත නාමයෙන් හඳුන්වන. ඉතින් මේකෙදි මෙයාල කරන්නෙ වෛරස් අවි පිළිබඳව පරීක්ෂණ කරන එක . ඉතින් කොහොමහරි මේ පරික්ෂණය අතරතුරදි T වයිරසය කියල වෛරස් එකක් එක සිදුවීමක් නිසා පැතිරෙන්න ගන්නව . කොහොම හරි මේක ලෝකෙ පුරා ව්‍යාප්තවෙලා මිනිස්සු දහස් ගානක් මැරෙන්න ගන්නව. මේකෙ වැඩේ කියන්නෙ මැරිච්ච මිනිස්සු මැරිල නිකං ඉන්නෙ නෑ. එයාල වෛරසයෙන් බේරිලා ඉන්න අය පස්සෙ පන්න පන්න උත්සහ කරන්නෙ මුළු මානව වර්ගයාම නැති කරල දාන්න පොළවෙන්.

ඉතින් කොහොම හරි මේ සිද්ධියට විරුද්ධව ඇලිස් කියල කෙනෙක් නැගිටිනව එයත් අම්බ්‍රෙල්ලා සමාගමේම පරීක්ෂනයක ප්‍රතිපලයක් .හැබැයි මෙයා ඒ සමාගම අපේක්ෂා කරපු ප්‍රතිඵලේ නෙමෙයි. කොහොම හරි එයා මේ සමාගමට විරුද්ධව නැගිටිනව ඉතිරිවෙලා ඉන්න මිනිස්සු ටික බේරගන්න.

මම මේ අද ඔයාලට ගේන්නෙ මේ කතා මාලාවෙ පස්වෙනි කතාව. මේක එක දිගට ගලාගෙන යන කතාවක් . හැබැයි මේක ඉස්සෙල්ලම බැලුව කියල අවුලක් නෑ මොකද ෆිල්ම් එක මුලදි මුළු කතාවම අයෙත් සාරාංශයක් විදියට කියනව .

ඉතින් මේකෙ ඊළඟට වෙන්නෙ මොකක්ද කියල ඔයාලම බලල තීරණය කරන්න .

හැමෝටම ජය
මේකත් බලලම බාගන්න...  



උපසිරස ලබා ගැනීමට අපහසු නම් පහත ලින්ක් එකෙන් ලබා ගන්න 




No comments:

Post a Comment